


| දැයට කිරුල ප්‍රදර්ශනයේදි හන්තාන සමඟින් විදින්න නිදහස... |
| Sunday, 05 February 2012 13:49 |
![]()
64 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේදි පැවැත්වෙන "දැයට කිරුල 2012" අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේදි ,නිදහස් සහ විවෘත මෘදුකාංග සහ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පිළිබඳ දැණුවත් කිරීම සඳහා හන්තාන ලිනක්ස් කණ්ඩායම පෙබරවාරි 7 සහ 8 දෙදින තුළ ,දැයට කිරුල භූමියේදි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනයේසහයෝගීත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහි දී , එකවර සිය දෙනෙකුට සහභාගි විය හැකි දේශන මාලවන් පැවැත් වීම, පරිගණක තුළ ස්ථාපිත නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට අවස්ථාව ලබා දීම මෙන්ම තමන්ට ඇති ගැටලු පිළිබඳ විමසීමටද අවකාශ ලැබේ.
දැයට කිරුල නිමිත්තෙන් හන්තාන ලිනක්ස් 15.5 නිකුත් කර ඇති අතර දැයට කිරුල ප්‍රදර්ශන භුමියේදි මෙම නිකුතුව ලබා ගැණීමට අවශ්‍ය පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සලසා ඇත. නව නිකුතුව ලබා ගැණීමට මෙම සබැඳියට පිවිසෙන්න. හන්තාන කණ්ඩායම වෙනුවෙන් ඩනිෂ්ක, බන්දුල, කල්හාර සහ හිරන්‍ය දැයට කිරුල ප්‍රදර්ශන භූමිය තුළ දි ඔබට සහාය වනු ඇත.
දේශන මාලාවන් තුළදි පහත මාතෘකා පිළිබඳ දැණුවත් කරනු ලැබේ.
මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුම ලබා ගැනීම සඳහා දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ ඇති ICTA ආයතනයේ ප්‍රදර්ශන කුටියට පෙබරවාරි මස 7 සහ 8 දිනයන් තුළ පැමිණිමට අමතක කරන්න එපා. තවද උතුරු මැද පලාත ආශ්‍රිත පාසැල් ගුරුවරුන්ට සහ සිසුන්ටත්, මෙම ප්‍රදර්ශනය බැලීමට බලාපොරොත්තු වන හිතමිතුරන්ට මේ පිළිබඳව දැන්වීමට කාරුණික වන්න.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයෙ තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රදර්ශණ කුටිය තුළදීද නිදහස් සහ විවෘත මෘදුකාග පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතයි. |