• Increase font size
  • Default font size
  • Decrease font size

FOSS4GOV

Home
හන්තාන ලිනක්ස්

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (mp3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන ලබාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. තවද නොමිලයේ අන්තර්ජාලය හරහා මෘදුකාංග යාවත්කාලීන කරගත හැක.

කාර්යාලීය, ග්‍රැෆික්, බහුමාධ්‍ය, අධ්‍යාපනික, මූල්‍ය කටයුතු, ඉලෙට්‍රොනික, පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග සංවර්ධන අවශ්‍යතා සපුරාලන මෘදුකාංග සමූහයක් ම මේ හන්තාන ලිනක්ස් DVD තැටියට ඇතුළත් ව තිබේ. එසේ ම මිනුම් පරිවර්තනය කිරිමේ සරල යෙදුමක සිට උසස් ආරක්ෂණ ක්‍රමවේදයන් හා පද්ධති කළමනාකරණ යෙදුම් දක්වා පුළුල් පරාසයක පහසුකම් මෙහි අන්තර්ගත ය.

ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ කටයුතු (audio and video editing) සඳහා අවශ්‍ය නවීනතම හා ජනප්‍රියතම මෘදුකංග වන Audacity, Pitivi, Me TV, RecordMyDesktop

ග්‍රැෆික්, ඡායාරූප හා වෙනත් ඩිජිටල් නිර්මාණ කටයුතු සඳහා GIMP, Blender, Inkscape, Shotwell, Scribus, 2D CAD සඳහා QCad

තවද පොඩ්කාස්ට් බාගැනීම හා කළමනාකරණය සඳහා භාවිත කළ හැකි gPodder

පරිශීලකයින්ගේ පහසුව ඉහළ නංවමින් එදිනෙදා සන්නිවේදනය සඳහා භාවිත වන Skype මෙන්ම දුර සිට පරිගණක මෙහෙයවීම සඳහා යොදාගැනෙන TeamViewer ඇතුළු පහසු සන්නිවේදන මෘදුකාංග ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කර තිබේ.

වෙබ් ආශ්‍රීත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන mysql database server, apache php සහ phpmyadmin මෙහි අඩංගු ය. එසේ ම වෙබ් අඩෙවි නිර්මාණය සඳහා Kompozer සහ Geany ද NFS සේවාදයකය ද (network file sharing) මේ නිකුතුව සමඟ ලබාදේ.

පද්ධතියේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් Firewall පහසුකමට අමතරව SELinux ආරක්ෂණ පහසුකම එක් කර ඇත. මෘදුකාංග සංවර්ධනය සඳහා Java, C, C++ ආදී ක්‍රමලේක භාෂාද මෙහි අඩංගුය.

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

 

Comments  

 
#1 Kumara Chandraguptha 2011-10-06 09:26
මෙම මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයෙන් භාගත කිරිමට මා කිහිපවරක් උත්සහ කලද මෙහි ගිගාබයිට් 4 ක පමණ ප්‍රමාණයක විශාලත්වයක් ඇති බැවින් උත්සහය අසාර්ථක විය. මෙම මෙහෙයුම් පද්ධතිය සහති ඩිවිඩි පට නොමිලේ හෝ මුදලක් අය කර ( ඩිවිඩි පටය සදහා හා තැපැල් ගාස්තු අයකර ) ලබාදිම සදහා ක්‍රමවේදයක් සකසන්නේ නම් බෙහෙවින් අ‍ගනේයැයි සිතමි.
Quote
 
 
#2 Bandula Ranathunga 2011-10-07 16:20
Quoting Kumara Chandraguptha:
මෙම මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයෙන් භාගත කිරිමට මා කිහිපවරක් උත්සහ කලද මෙහි ගිගාබයිට් 4 ක පමණ ප්‍රමාණයක විශාලත්වයක් ඇති බැවින් උත්සහය අසාර්ථක විය. මෙම මෙහෙයුම් පද්ධතිය සහති ඩිවිඩි පට නොමිලේ හෝ මුදලක් අය කර ( ඩිවිඩි පටය සදහා හා තැපැල් ගාස්තු අයකර ) ලබාදිම සදහා ක්‍රමවේදයක් සකසන්නේ නම් බෙහෙවින් අ‍ගනේයැයි සිතමි.

කුමාර, ඹබ සිටින/නිතර පැමිණෙන නගරය දන්වන්න.
Quote
 
 
#3 Bandula Ranathunga 2011-10-07 17:06
කුමාර,
info[at]hanthan a.org මෙම ලිපිනයට විස්තර එවන්න
Quote
 
 
#4 Kumara Chandraguptha 2011-10-10 03:44
Quoting Bandula Ranathunga:
කුමාර,
info[at]hanthan a.org මෙම ලිපිනයට විස්තර එවන්න


බන්දුල මහතා
මා ඔබතුමාගේ උපදෙස් පරිදි අදාල තොරතුරු ලිපිනයට ඊ මෙල් කරනු ලැබුවා. ඔබතුමාගේ මග පෙන්විමට බෙහෙවින් ස්තුතියි.
Quote
 
 
#5 Kumara Chandraguptha 2011-11-19 06:58
බන්දුල මහතා ,

තවම මට හන්නාත ලිනක්ස් ‍මෙහෙයුම් පද්ධතිය ලබා ගැනිමට තොරතුරක් ලැබුනේ. හැකියාවක් ඇත්නම් ඒ පිළිබදව මට තොරතුරක් දන්වන්න.
Quote
 

Add comment


Security code
Refresh